Friday, November 13, 2015

Jilla (2014)

Kasun Sulochana     6:48 PM     0

Jilla (2014)....... 

     


කතාව ගැන කියනවානම් ශක්තිගේ(විජේගේ) තාත්තා ශිවන් ගාව තමා මැර වැඩ කරන්නෙ, ශක්තිගේ තාත්තා පොලිසිය අතින් මැරෙනවා ඉදා ඉදලා ශක්තිව ශිවන් එයාගේ පුතේක් විදිහට හදා ගන්නවා. තාත්තාව මැරුව නිසා ශක්ති  පොලිසියට වෛර කරනවා, පොලිසිය කියන වචනේ ඇහුනත් ඉවරයි. ඔය අතරේ තමා ශක්ති ශන්තිව දකින්නෙ (කජ්ල අගර්වල්) දැකලා ආදරය කරනවා. පස්සෙ ශන්තිගේ ගෙදරට යනවා මේ ගැන කතා කරන්න එතකොට තමා දන්නෙ ශන්ති පොලිසියේ කෙනෙක් කියලා.
එකපාරටම ශිවන්ව පොලිසියේන් ඇවිත් ගෙනියනවා ඊට පස්සේ ශිවන් තිරණය කරනවා එයලාගේ කෙනෙක්ව පොලිසිය කරන්න එකට තොරගන්නෙ ශිවන් ශක්තිවයි ශික්ති බෑ කිව්වත් පස්සෙ කැමති වෙනවා ඊට ප්ස්සේ ශිවන්ගේ වැරදි බය නැතුව කරන්න ගන්නවා. පස්සේ එක සිද්දියක් නිසා ශක්ති ශිවන්ට විරුද්ධව වැඩ කරන්න ගන්නවා ඇයි එහෙම වෙන්නෙ කවුද ඇත්තටම මේ වැඩ කරන්නෙ කියලා දැන ගන්න ඉතින් කතාව බලන්නකො.

මෙන්න ගිහින් බාගන්න 

සිංහල උපසිරසි මෙතනින් බාගන්න 

War Story (2014)

Kasun Sulochana     6:46 PM     0

War Story (2014) 

කතාව පටන් ගන්නේ ටිකක් වෙනස් විදිහකට. ලී නැමති යුද්ධයේ සිදුවීම් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පිණියක් නවාතැන් ගැනීම සඳහා හෝටලයකට පැමිණෙනවා. එහිදී ඇය ඉල්ලා සිටින්නේ ඇය ගියවර නැවතුන කාමරයම ඇයට ලබා දෙන ලෙසයි. පෙනෙන හැටියට ඇය ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා වගෙයි හැසිරෙන්නේ. ඒ වගේම ඇගේ සිරුරේ ඇතැම් ස්ථාන වල පහර කෑමට ලක්උන ආකාරයකුත් පෙන්නුම් කරනවා. ඇය හෝටල් සේවකයින්ට ඇගේ කාමරේ පිරිසිදු කරන්නවත් ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම ඒ හෝටලයේ නැවතිලා ඉන්න අමුත්තන්ගෙනුත් වහන් වෙලා ඉන්න තමයි ඇය උත්සාහ කරන්නේ. එම කාමරයේ දුරකථනයට පවා ඇය පිළිතුරු දෙන්නෙ නෑ.

දිනක් ලී එලියට ගිය අතරේ ඇයට කලින් ලිබියාවෙදි දැකලා පුරුදු ගෑනු ලමයෙක් අහම්බෙන් වගේ දකින්න ලැබෙනවා. ඒ ගෑනු ලමයා ඉන්නේ ලොකු අකරතැබ්බයකට මුහුන දීලයි. ඉතිං ලී ඉදිරිපත් වෙනවා ඒ ගෑනු ළමයට උදව් කරන්න.
ඉතිං යාළුවනේ. කතාව ඊට වැඩිය කියන්න යන්නෙමොකක්ද වෙලා තියෙන්නේ? ඇයි ඇගේ සිරුරේ පහර දීමේ සලකුණු තියෙන්නේ? ඇය ඇගේ හෝටල් කාමරයට කාටවත් ඇතුළුවෙන්න දෙන්නෙ නැත්තේ? ඇයි ලී හැමෝගෙන්ම දුරස් වෙලා ඉන්නේ? කවුද ඇයට හමුවන දැකලා පුරුදු කාන්තාව? ඒ කාන්තාව මැදි වෙලා ඉන්න ප්‍රශ්ණෙ මොකක්ද? ලී ඇයට ඒ‍කෙන් ගැලවෙන්න උදව් කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!
මෙන්න ගිහින් බාගන්න 
( හැබැයි WEB COPY එක තියෙන්නෙ )
සිංහල උපසිරසි මෙතනින් බාගන්න 
( සිංහල උපසිරසි Baiscope වෙතිනි )

Monday, October 26, 2015

Hercules Reborn (2014)

Kasun Sulochana     6:59 PM     0
Hercules Reborn (2014) 
                 
හර්කියුලිස් සලරූ ගොන්නට තවත් එකතු වූ ෆිල්ම් එකක් තමයි මේක. නිකුත් වෙන්න නම් තවම දවස් තියෙනවා. ඒත් ඊට කලින් අපි ඔයාලට දෙන්න තමයි හදන්නේ. ඊනොස් කියන්නේ ග්‍රීසියේ තියෙන නගරයක්. මේක පාලනය කරන්නේ දැහැමි රජ කෙනෙක්. එයාගේ දුකුමරිය තමයි තියඩොරා කියන්නේ. හමුදාවේ ජෙනරාල් තමයි නිකෝස්. අළුත් කැප්ටන් තමයි ආරියස්. මේ ආරියස් සහ තියඩොරා විවාහ වෙන්න තමයි ඉන්නේ. නමුත් නිකෝස් තියඩොරා ට කැමැත්තෙන් ඉන්නවා.
 මේ අතරේ නිකෝස් යාබද ගම්මානයක් වන සාගෙව් වල තියෙන රත්‍රන් ආකාර බලෙන් අත්පත් කරගන්න රජතුමාගෙන් අවසර පතනවා. නමුත් රජු ඒකට තදින්ම විරුද්ධ වෙනවා. මේ නිසා නිකෝස් කැරැල්ලක් ගහලා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. රජ්ජුරුවෝ සහ රැජින ඝාතනය කරලා නව රජතුමා බවට පත් වෙනවා. තියඩොරා හිර කරගන්නවා ඒ තමන් ගේ අනාගත රැජින කරගැනීමේ අරමුණින්.මේ අතරේ ආරියස් තවත් කණ්ඩායමක් එක්ක පැනගන්නවා. ඔවුන් හර්කියුලිස් හොයාගෙන යනවා. ඔවුන් නැවත ප්‍රතිසංවිධානය වෙලා නැවත බලකොටුව ආක්‍රමණය කරනවා. ඔන්න ඔහොම තමයි සාරාංශ ගත කරනවා නම් කතාව වෙන්නේ.

එහෙනම් කැමති කස්ටිය මේකත් බලන්නකෝ.................

මෙන්න එහෙනම් ෆිල්ම් එක බාගන්න

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

               ( සිංහල උපසිරසි baiscope වෙතිනි )

මෙන්න එහෙනම් බලන්න screenshots ටිකක් 


















E-mail Newsletter

Sign up now to receive updates from us.

Accordion Menu

Advertisement